Posts in Event
2022 අප්‍රේල් සාමාජිකත්ව ධාවකය: කාඩ්පත් ඔබේ අතේ
OTW (පරිණාමීය කටයුතු සඳහා සංවිධානය) රසිකයන් විසින් අරඹා, ඔවුන් විසින්ම සැලසුම්කර ගොඩනගා ඇත. අපට සහයෝගය ලබාදෙන රසික රසිකාවියන්ගේ ස්වේච්ඡා ශ්‍රමය අපට පිටුවහලක් වන අතර අපගේ සාමාජිකයින්ද මූල්‍ය ත්‍යාගශීලීභාවයෙන් සහාය වේ. මේ අප්‍රේල් මාසයේදී, අපගේ ද්විවාර්ෂික සාමාජිකත්ව වැඩසටහන දියත් කරන විට, OTW හි සාමාජිකත්වය ලබා ගැනීමේදී ඇමරිකන් ඩොලර් 10 හෝ ඊට වැඩි පරිත්‍යාග කිරීම්; සඳහා වන ප්‍රතිලාභ පැහැදිලි කර දෙන අතර, අපගේ පරිත්‍යාගශීලීන් සමඟ අපේ ඇගයීම බෙදා ගන්නා වෙනත් ක්‍රම කිහිපයක් ද මෙහිදී විස්තර කෙරේ. මෙම ධාවකය අතරතුර, අපගේ බොහෝ අමුත්තන්ට OTW වෙත පරිත්‍යාග කිරීමට නොහැකි බව අපට වැටහෙනවා; ඔබගේ දායකත්වය මූල්‍යමය හෝ ස්වේච්ඡා වේලාවන්, නිර්මාණාත්මක වැඩ, විකි ලිපි, ප්‍රශංසනීය හෝ අදහස් වැනි කුමන ආකාරයෙන් පැමිණියද,… Read more
2022 ප්‍රතිපෝෂණ උළෙල දැන් ආරම්භ වී ඇත!
අපි සියල්ලෝම අපේම පුද්ගලික කැනන් ගොඩනඟා ඇත්තෙමු – අපි ආදරය කරන සහ නැවත නැවතත් යන ෆික්ස්, වීඩියෝ, කලා සහ වෙනත් කෘති. ජනවාරි මාසයේදී, අපි මේ වසරේ ජාත්‍යන්තර රසිකයින්ගේ දිනයේ තේමාව ප්‍රකාශයට පත් කළෙමු (හෝ කෙටියෙන් IFD වේ) එම මාතෘකාව ‘Fandom Classics’ වූ අතර, ඔබට අත්‍යවශ්‍ය යැයි හැඟෙන කියවීම්, බැලීම හෝ සවන්දීම ලෙස සැලකෙන රසික නිර්මාණ සම්පාදනය කිරීම ආරම්භ කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. දැන් කාලය පැමිණ ඇති අතර, ඔබ ඉදිරිපත් කර ඇති දේ දැකීමට අපි කැමතියි! මෙම සටහන ඔබට ඔබේ ප්‍රියතම රසිකයින්ගේ සම්භාව්‍ය ගණයෙහි ලා ඔබ නරඹන සියලුම කෘති බෙදා ගත හැකි ස්ථානයයි. මේවා ඔවුන්ගේම රසික ආස්වාදයක් ඇති කෘතීන් විය හැකිය, ඔබව පෞද්ගලිකව ආස්වාදයක්… Read more
#IFD2022 සඳහා අපි කරන්නේ මොනවාද?
අටවන ජාත්‍යන්තර රසික නිර්මාණ දිනය (හෝ කෙටියෙන් “IFD”, ඉංග්‍රීසියෙන් එහි සංක්ෂිප්තය) සඳහා ඇත්තේ තව සතියක් පමණක් වන අතර OTW (පරිණාමීය කටයුතු පිළිබඳ සංවිධානය) හි අපි ඔබ සැම වෙනුවෙන් බොහෝ දේ ගබඩා කර ඇත! කරුණාකර පහත සිදුවීම් දෙස බලා විනෝද වීමට අප හා එක්වන්න. 1.රසික නිර්මාණ අභියෝගය මෙම වසරේ රසික නිර්මාණ දිනය සඳහා අපගේ තේමාව වන්නේ ‘Fandom Classics’ සහ පසුගිය මාසයේ කරන ලද පළ කිරීමකින්, අපි ඔබට ඔබේ රසිකත්වයට අනුව සම්භාව්‍ය ලෙස සලකන කෘතිවලට සංකලනය කිරීමකින් හෝ වෙනත් ආකාරයකින් උපහාර පුද කරන රසික නිර්මාණය සම්පාදන කිරීම තුලින් මේ සඳහා සහභාගී වීමට ආරාධනා කළෙමු. ඔබට ඔබේ ප්‍රියතම කොටස් සම්බන්ධයෙන් මෙටා ලිවිය හැකිය! සමාජ මාධ්‍යවල #IFD2022 හෝ #IFDChallenge2022… Read more
නුදුරේදී ම එන 2022 ජාත්‍යන්තර රසික නිර්මාණ දිනය
සූදානම් වන්න : ජාත්‍යන්තර රසික නිර්මාණ දිනයට තව මාසයයි! ජාත්‍යන්තර රසික නිර්මාණ දිනය ( හෝ කෙටියෙන් පැවසුවහොත් ‘IFD’, ඉංග්‍රීසියෙන් කෙටියෙන් හඳුන්වන ආකාරය) 2014 වසරේදී OTW (පරිණාමීය කටයුතු සඳහා වන සංවිධානය) විසින් ආරම්භ කරන ලදී. පෙබරවාරි මස 15 වන දාට යෙදී තිබෙන මෙම දිනයේදී විවිධාකාරයන්ගේ රසික නිර්මාණ සමරනු ලබනවා. මෙම වසරේදී අප විසින් සමරනු ලබන්නේ 8 වන වාර්ෂික ‘IFD’ සැමරුමයි!
ජාත්‍යන්තර ස්වේච්ඡා දිනය 2020
අද ජාත්‍යන්තර ස්වේච්ඡා දිනය වන අතර OTW (පරිණාමීය කටයුතු සඳහා සංවිධානය) පවත්වාගෙන යන අපූරු ස්වේච්ඡා සේවකයන්ට අපි ස්තූතිවන්ත වෙමු. OTW හා දැනට සම්බන්ද ස්වේච්ඡා සේවකයන් 894 ක් සිටින අතර ඔවුන් කමිටු 18 ක සේවය කරයි – එබැවින් මෙම ස්වේච්ඡා සේවකයන්ගෙන් බොහෝ දෙනෙකුට සංවිධානයේ එක් භූමිකාවකට වඩා තිබේ!. තවද, අපගේ සමහර ස්වේච්ඡා සේවකයන් OTW සමග දිගු කාලයක් සේවය කර ඇත!. ආරම්භයේ සිටම සේවය කළ ස්වේච්ඡා සේවකයින් 6 දෙනෙකු සහ අවුරුදු දහයක් හෝ ඊට වැඩි කාලයක් සේවය කළ ස්වේච්ඡා සේවකයන් 37 ක් අප සමග සිටිති. ඔබගේ සේවා කාලය සඳහා අපට ප්‍රමාණවත් තරම් ස්තූති කළ නොහැක.