ෆ්‍රැන්සෙස්කා කෝපා පැවසූ කරුණු පහක්

මෙම මාසයේ OTW(පරිණාමීය කටයුතු සඳහා සංවිධානයට) වසර 15 ක් සපිරේ! සැමරුම්වල කොටසක් ලෙස, අපගේ නිර්මාතෘවරයෙකු වන ෆ්‍රැන්සෙස්කා කොප්පා සමඟ විශේෂ පළ කිරීමක් ප්‍රකාශයට පත් කරන්නෙමු. මෙම සටහනෙන්, ඔබට OTW හි මුල් දින පිළිබඳ ෆ්‍රැන්සෙස්කාගේ මතකයන් සහ එතැන් සිට සංවිධානය මුහුණ දී ඇති අභියෝග පිළිබඳව කියවිය හැක. අපි සුළු තරඟයක් (ඉංග්‍රීසියෙන් පමණක් පැවැත්වේ) සහ fanworks අභියෝගයක් ද පවත්වමු.ඔබ වැඩි විස්තර දැන ගැනීමට කැමති නම්, කරුණාකර OTW හි සංවත්සර සටහනේ ඉංග්‍රීසි අනුවාදය වෙබ් අඩවියට පිවිසෙන්න. සෑම මසකම OTW සංවිධානය තුළ ඔවුන්ගේ අත්දැකීම් පිළිබඳව එහි ස්වේච්ඡා සේවකයෙකු සමඟ ප්‍රශ්න විචාරයක් සිදු කෙරේ. මෙම පළ කිරීම් මඟින් එක් එක් ස්වේච්ඡා සේවකයාගේ පෞද්ගලික් අදහස් ප්‍රකාශ කෙරෙන අතර එමඟින් OTW හි… Read more

2022 අප්‍රේල් සාමාජිකත්ව ධාවකය: කාඩ්පත් ඔබේ අතේ

OTW (පරිණාමීය කටයුතු සඳහා සංවිධානය) රසිකයන් විසින් අරඹා, ඔවුන් විසින්ම සැලසුම්කර ගොඩනගා ඇත. අපට සහයෝගය ලබාදෙන රසික රසිකාවියන්ගේ ස්වේච්ඡා ශ්‍රමය අපට පිටුවහලක් වන අතර අපගේ සාමාජිකයින්ද මූල්‍ය ත්‍යාගශීලීභාවයෙන් සහාය වේ. මේ අප්‍රේල් මාසයේදී, අපගේ ද්විවාර්ෂික සාමාජිකත්ව වැඩසටහන දියත් කරන විට, OTW හි සාමාජිකත්වය ලබා ගැනීමේදී ඇමරිකන් ඩොලර් 10 හෝ ඊට වැඩි පරිත්‍යාග කිරීම්; සඳහා වන ප්‍රතිලාභ පැහැදිලි කර දෙන අතර, අපගේ පරිත්‍යාගශීලීන් සමඟ අපේ ඇගයීම බෙදා ගන්නා වෙනත් ක්‍රම කිහිපයක් ද මෙහිදී විස්තර කෙරේ. මෙම ධාවකය අතරතුර, අපගේ බොහෝ අමුත්තන්ට OTW වෙත පරිත්‍යාග කිරීමට නොහැකි බව අපට වැටහෙනවා; ඔබගේ දායකත්වය මූල්‍යමය හෝ ස්වේච්ඡා වේලාවන්, නිර්මාණාත්මක වැඩ, විකි ලිපි, ප්‍රශංසනීය හෝ අදහස් වැනි කුමන ආකාරයෙන් පැමිණියද,… Read more

OTW මූල්‍ය: 2022 අයවැය

පසුගිය වසර තුළ, OTW (පරිණාමීය කටයුතු සඳහා සංවිධානය) හි මූල්‍ය කණ්ඩායම අප සංවිධානයේ බිල්පත් ගෙවීම, බදු වාර්තා ගොනු කිරීම සහ සම්මත ගිණුම්කරණ ක්‍රියා පටිපාටි සපුරා ඇති බව සහතික කරමින් සිය කාර්යය දිගටම සිදු කරගෙන ගොස් ඇත. OTW හි මූල්‍ය ක්‍රියාකාරකම් වඩාත් හොඳින් පිළිබිඹු කිරීම සඳහා මෙම කණ්ඩායම විසින් ගිණුම් ප්‍රස්ථාරය ද නවීකරණය කරන ලදී. මූල්‍ය ප්‍රකාශනයේ 2021 වසර සඳහා වන විගණනය සඳහා සූදානම් වීම දැනට සිදුවෙමින් පවතී! මෙම කණ්ඩායම 2022 වසරේ OTW හි අවශ්‍යතා සපුරාලීමට ද උනන්දුවෙන් ක්‍රියා කර ඇති අතර, මෙම වසරේ අයවැය පිළිබඳව ( වැඩිදුර විස්තර සඳහා 2022 අයවැය පැතුරුම්පත වෙත ප්‍රවේශ වන්න ): 2022 වියදම් Archive of Our Own – AO3 (අපගේම… Read more

2022 ප්‍රතිපෝෂණ උළෙල දැන් ආරම්භ වී ඇත!

අපි සියල්ලෝම අපේම පුද්ගලික කැනන් ගොඩනඟා ඇත්තෙමු – අපි ආදරය කරන සහ නැවත නැවතත් යන ෆික්ස්, වීඩියෝ, කලා සහ වෙනත් කෘති. ජනවාරි මාසයේදී, අපි මේ වසරේ ජාත්‍යන්තර රසිකයින්ගේ දිනයේ තේමාව ප්‍රකාශයට පත් කළෙමු (හෝ කෙටියෙන් IFD වේ) එම මාතෘකාව ‘Fandom Classics’ වූ අතර, ඔබට අත්‍යවශ්‍ය යැයි හැඟෙන කියවීම්, බැලීම හෝ සවන්දීම ලෙස සැලකෙන රසික නිර්මාණ සම්පාදනය කිරීම ආරම්භ කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. දැන් කාලය පැමිණ ඇති අතර, ඔබ ඉදිරිපත් කර ඇති දේ දැකීමට අපි කැමතියි! මෙම සටහන ඔබට ඔබේ ප්‍රියතම රසිකයින්ගේ සම්භාව්‍ය ගණයෙහි ලා ඔබ නරඹන සියලුම කෘති බෙදා ගත හැකි ස්ථානයයි. මේවා ඔවුන්ගේම රසික ආස්වාදයක් ඇති කෘතීන් විය හැකිය, ඔබව පෞද්ගලිකව ආස්වාදයක්… Read more

#IFD2022 සඳහා අපි කරන්නේ මොනවාද?

අටවන ජාත්‍යන්තර රසික නිර්මාණ දිනය (හෝ කෙටියෙන් “IFD”, ඉංග්‍රීසියෙන් එහි සංක්ෂිප්තය) සඳහා ඇත්තේ තව සතියක් පමණක් වන අතර OTW (පරිණාමීය කටයුතු පිළිබඳ සංවිධානය) හි අපි ඔබ සැම වෙනුවෙන් බොහෝ දේ ගබඩා කර ඇත! කරුණාකර පහත සිදුවීම් දෙස බලා විනෝද වීමට අප හා එක්වන්න. 1.රසික නිර්මාණ අභියෝගය මෙම වසරේ රසික නිර්මාණ දිනය සඳහා අපගේ තේමාව වන්නේ ‘Fandom Classics’ සහ පසුගිය මාසයේ කරන ලද පළ කිරීමකින්, අපි ඔබට ඔබේ රසිකත්වයට අනුව සම්භාව්‍ය ලෙස සලකන කෘතිවලට සංකලනය කිරීමකින් හෝ වෙනත් ආකාරයකින් උපහාර පුද කරන රසික නිර්මාණය සම්පාදන කිරීම තුලින් මේ සඳහා සහභාගී වීමට ආරාධනා කළෙමු. ඔබට ඔබේ ප්‍රියතම කොටස් සම්බන්ධයෙන් මෙටා ලිවිය හැකිය! සමාජ මාධ්‍යවල #IFD2022 හෝ #IFDChallenge2022… Read more