
අටවන ජාත්‍යන්තර රසික නිර්මාණ දිනය (හෝ කෙටියෙන් “IFD”, ඉංග්‍රීසියෙන් එහි සංක්ෂිප්තය) සඳහා ඇත්තේ තව සතියක් පමණක් වන අතර OTW (පරිණාමීය කටයුතු පිළිබඳ සංවිධානය) හි අපි ඔබ සැම වෙනුවෙන් බොහෝ දේ ගබඩා කර ඇත! කරුණාකර පහත සිදුවීම් දෙස බලා විනෝද වීමට අප හා එක්වන්න.
1.රසික නිර්මාණ අභියෝගය
මෙම වසරේ රසික නිර්මාණ දිනය සඳහා අපගේ තේමාව වන්නේ ‘Fandom Classics’ සහ පසුගිය මාසයේ කරන ලද පළ කිරීමකින්, අපි ඔබට ඔබේ රසිකත්වයට අනුව සම්භාව්‍ය ලෙස සලකන කෘතිවලට සංකලනය කිරීමකින් හෝ වෙනත් ආකාරයකින් උපහාර පුද කරන රසික නිර්මාණය සම්පාදන කිරීම තුලින් මේ සඳහා සහභාගී වීමට ආරාධනා කළෙමු. ඔබට ඔබේ ප්‍රියතම කොටස් සම්බන්ධයෙන් මෙටා ලිවිය හැකිය! සමාජ මාධ්‍යවල #IFD2022 හෝ #IFDChallenge2022 යන හැෂ් ටැගය භාවිතයෙන් ඔබේ නිර්මාණ බෙදා ගැනීමටද අපි ඔබට ආරාධනා කරමු, නැතහොත් ‘International Fanworks Day 2022’ Archive of our Own- AO3 (අපගේම ලේඛනාගාරය) වෙත පළ කිරීමට අදහස් කරන්නේ නම්, ඒ සඳහා සහභාගී වීමට තව බොහෝ කාලයක් ඇති අතර ඔබ නිර්මාණ ලැබෙන තුරු අප බල සිටින්නෙමු!
2. ප්‍රතිපෝෂණ උළෙල
පෙබරවාරි 13 වෙනිදා අපි ඔබ වඩාත්ම ප්‍රිය කරන සම්භාව්‍ය රසික නිර්මාණ සඳහා නිර්දේශ බෙදා ගැනීමට ඔබට ආරාධනා කරන්නෙමු. දැන් සිතන්න සහ ඔබට ඔබේ සෙසු රසිකයින් සමඟ බෙදා ගත හැකි recs වලින් සන්නද්ධ වන්න!
3. ෆෑන්ලෝර් අභියෝගය (Fanlore Challenge)
IFD සැමරුම්වලට සහභාගී වූ OTW හි රසික ඉතිහාසයෙන් සහ සංස්කෘතියෙන් පිරුණු විකි Fanlore,වෙත පිවිසෙන්න! ෆැන්ලෝර් අභියෝගය සතියක් පුරා ක්‍රියාත්මක වන අතර සෑම දිනකම විවිධ සංස්කරණ අභියෝගට ඇතුළත් වේ. ඔබේ දැනුම ඔබේ සෙසු රසිකයින් සමඟ බෙදා ගැනීම මෙන්ම රසික නිර්මාණ කෙරෙහි ඇති ඔබේ ආදරය හා ගෞරවය දැක්වීමට මීට වඩා හොඳ වෙනත් ක්‍රමයක් තිබේද?
4. ක්‍රීඩා සහ රසික කතාබස් (Games and fan chat)
පෙබරවාරි 14 වෙනිදා 21.00 UTC සිට පෙබරවාරි 16 වෙනිදා UTC 03.00 දක්වා අපි OTW සඳහා වෙන්වූ Discord සේවාදායකයේ කතාබස් ක්‍රීඩා සැසියක් පවත්වන්නෙමු. ඉංග්‍රීසි කතා කරන OTW ස්වේච්ඡා සේවකයන් විසින් රසික ප්‍රශ්නාවලි, ලැයිස්තු සෑදීමේ අභියෝග සහ තවත් බොහෝ දේ ඇතුළු ක්‍රීඩා මාලාවක් නවීකරණය කරනු ඇත. එය සෙසු රසිකයින් සමඟ එකතු වීමට සහ ඔබ ආදරය කරන රසිකයින් සමඟ ඔබේ උද්යෝගය බෙදා ගැනීමට හොඳ අවස්ථාවක් වනු ඇත. අපි සබැඳිය සහ සම්පූර්ණ කාලසටහන එදිනම පළ කරන්නෙමු, එබැවින් මේ දිනය වෙන් කර තබාගෙන, නැවත නැවතත් යාවත්කාලීන වන්න!
OTW යනු AO3, Fanlore, Open Doors, TWC, සහ OTW නීති උපදේශනය ඇතුළු විවිධ ව්‍යාපෘතිවල ලාභ නොලබන මව් සංවිධානයයි. අපි රසිකයින් විසින් මෙහෙයවනු ලබන, මුළුමනින්ම පරිත්‍යාගශීලීන්ගේ සහාය ලබන, ස්වේච්ඡා සේවකයින් විසින් පරිපාලනය වන සංවිධානයකි. අප ගැන වැඩි විස්තර OTW වෙබ් අඩවිය මඟින් දැනගන්න. අපගේ ස්වේච්ඡා පරිවර්තක කණ්ඩායම ගැන වැඩිදුර දැන ගැනීමට පරීක්ෂා කරන්න පරිවර්තන පිටුව.