AO3 ලියාපදිංචි පරිශීලකයින් මිලියන තුනක් කරා!

දැන් Archive of Our Own – AO3( අපේම ලේඛනාගාරය)හි, ලියාපදිංචි පරිශීලකයින් මිලියන 3 ක් පසු කර ඇති බවට OTW (පරිණාමීය කටයුතු සඳහා සංවිධානය) සතුටින් නිවේදනය කරමු!

2009 නොවැම්බර් 14 වන දින, පොදු භාවිතය සඳහා විවෘත කිරීමෙන් පසු AO3 වේගවත් වර්ධනයක් පෙන්නුම් කරයි.මීට වසර හතරකට පෙර, 2016 ඔක්තෝබර් 31 වන දින, අපට මිලියනයක ලියාපදිංචි පරිශීලකයින් සිටි අතර දැන් වසරකට පමණ පෙර, එනම් 2019 ජූලි 17 වන දින, ලියාපදිංචි පරිශීලකයින් මිලියන 2 ක දක්වා වර්ධනය විය. මෙම නව වාර්තාව
ගැන අප ඉමහත් සතුටට පත් වේමු.

ලියාපදිංචි වී ඇති සහ ලියාපදිංචි නොවූ අපගේ සියළුම පරිශීලකයින් නොමැතිව අපට මෙය කිසිසේත්ම කළ නොහැක. මෙම සන්ධිස්ථානය කරා ළඟා වීමට අපට සහාය වීම ගැන අපගේ නොනිමෙන ස්තූතියි ඔබට පුද කරමු.

ඔබගේ රසික නිර්මාණ, ඔබගේ අදහස් දැක්වීම්, ඔබගේ එකතුවන් එකලස් කිරීම සහ උපපරිපාලනය වැනි ඔබගේ සියලු දායකත්වයන්ට ස්තූතියි.මෙම සන්ධිස්ථානය තවත් බොහෝ සන්ධිස්ථාන වලින් එකක් යැයි සහ අපි ඉදිරියට යන විට ඔබ අප සමඟ රැඳෙන බවට අපි බලාපොරොත්තු වෙමු.

AO3 හි සියලුම පරිශීලකයින්ට අපි ඉමහත් ලෙස කෘතවේදී වන අතරම ඔබ ගිණුමක් ලියාපදිංචි කිරීමෙන් ලැබෙන වාසි ඇත! පළමුව ඔබට, ප්‍රවේශය සීමා කර ඇති නිර්මාණවලට ප්‍රවේශ විය හැකිය. ලියාපදිංචි වී ඇති ගිණුම් හිමියන්ට පමණක් ප්‍රවේශ විය හැකි වන පරිදි සමහර කෘති පළ කර ඇත.

දෙවනුව, ලියාපදිංචි පරිශීලකයින්ට AO3 හම් වලට ප්‍රවේශය ඇති අතර එමඟින් ඔවුන්ගේ කියවීමේ අත්දැකීම් වෙනස් කරමින් AO3ට වඩාත් ප්‍රවේශ විය හැකිය. Reversi සම යනු AO3 හි අඳුරු මාදිලිය වන අතර, එය ලියාපදිංචි පරිශීලකයින්ට ලබා ගත හැකි විකල්ප කිහිපයකින්, එකක් පමණි.

තෙවනුව, ඔබේ ප්‍රියතම කෘති හෝ කතුවරුන් වෙත දායක වීමෙන්, ඔබට යාවත්කාලීන තොරතුරු ලබා ගත හැකිය. ඔබ කියවන එම ප්‍රබන්ධය යාවත්කාලීන වී ඇත්දැයි බැලීමට ඔබට පිටුව නැවත නැවුම් කළ යුතු නොවේ: ඔබට දැනුම් දීමක් ලැබෙනු ඇත. ඇත්ත වශයෙන්ම, මේවා හේතු තුනක් පමණි.තවත් බොහෝ දේ ඇත!

ලියාපදිංචි පරිශීලකයෙකු වීමට බොහෝ ක්‍රම තිබේ. ඔබට සැමවිටම AO3 වෙතින් ආරාධනයක් ඉල්ලා සිටිය හැකිය. ඔබට ආරාධනා ඉල්ලීම් තත්ව පිටුවහි පොරොත්තු කාලය පරීක්ෂා කළ හැකිය. ඔබ නොඉවසිලිමත් නම්, ඔබට ඔබේ මිතුරන්ගේ ආරාධනයක් ඉල්ලා සිටිය හැකිය!. බොහෝ ලියාපදිංචි පරිශීලකයින්ට අන් අයට තෑගි කළ හැකි ආරාධනා ගණනාවක් තිබේ- ඔබට පොරොත්තු ලේඛනයට සම්බන්ධ වීමට අකමැති නම් මෙය තමා අනුගමනය කර යුතු මාර්ගය.

වසර ගණනාවක් පුරා ඔබගේ සියලු සහයෝගයට ස්තූතියක් ලෙස, අපි ඔබට බාගත කිරීම සඳහා දුරකථන තිරයක් සහ ඩෙස්ක්ටොප් බිතුපතක් නිර්මාණය කර ඇත්තෙමු.
ඒවා ඔබගේ උපාංගවලට බාගත කර සැමරුමට එක්වන්න!

AO3 දුරකථන බිතුපත
(විශාල කිරීමට රූපය තෝරන්න)

AO3 පරිගණක බිතුපත
(විශාල කිරීමට රූපය තෝරන්න)


OTW යනු AO3, Fanlore, Open Doors, TWC, සහ OTW නීති උපදේශනය ඇතුළු විවිධ ව්‍යාපෘතිවල ලාභ නොලබන මව් සංවිධානයයි. අපි රසිකයින් විසින් මෙහෙයවනු ලබන, මුළුමනින්ම පරිත්‍යාගශීලීන්ගේ සහාය ලබන, ස්වේච්ඡා සේවකයින් විසින් පරිපාලනය වන සංවිධානයකි. අප ගැන වැඩි විස්තර OTW වෙබ් අඩවිය මඟින් දැනගන්න. අපගේ ස්වේච්ඡා පරිවර්තක කණ්ඩායම ගැන වැඩිදුර දැන ගැනීමට පරීක්ෂා කරන්න පරිවර්තන පිටුව.

Announcement, Archive of Our Own

Comments are closed.