2022 අප්‍රේල් සාමාජිකත්ව ධාවකය: කාඩ්පත් ඔබේ අතේ

OTW (පරිණාමීය කටයුතු සඳහා සංවිධානය) රසිකයන් විසින් අරඹා, ඔවුන් විසින්ම සැලසුම්කර ගොඩනගා ඇත. අපට සහයෝගය ලබාදෙන රසික රසිකාවියන්ගේ ස්වේච්ඡා ශ්‍රමය අපට පිටුවහලක් වන අතර අපගේ සාමාජිකයින්ද මූල්‍ය ත්‍යාගශීලීභාවයෙන් සහාය වේ. මේ අප්‍රේල් මාසයේදී, අපගේ ද්විවාර්ෂික සාමාජිකත්ව වැඩසටහන දියත් කරන විට, OTW හි සාමාජිකත්වය ලබා ගැනීමේදී ඇමරිකන් ඩොලර් 10 හෝ ඊට වැඩි පරිත්‍යාග කිරීම්; සඳහා වන ප්‍රතිලාභ පැහැදිලි කර දෙන අතර, අපගේ පරිත්‍යාගශීලීන් සමඟ අපේ ඇගයීම බෙදා ගන්නා වෙනත් ක්‍රම කිහිපයක් ද මෙහිදී විස්තර කෙරේ.

මෙම ධාවකය අතරතුර, අපගේ බොහෝ අමුත්තන්ට OTW වෙත පරිත්‍යාග කිරීමට නොහැකි බව අපට වැටහෙනවා; ඔබගේ දායකත්වය මූල්‍යමය හෝ ස්වේච්ඡා වේලාවන්, නිර්මාණාත්මක වැඩ, විකි ලිපි, ප්‍රශංසනීය හෝ අදහස් වැනි කුමන ආකාරයෙන් පැමිණියද, අපගේ ප්‍රජාවේ සෑම සාමාජිකයෙකුම අප විසින් අගය කරන බව අවධාරණය කිරීමට ද අපට අවශ්‍යයි. OTW ගොඩ නඟන්නේ ඔබ සියලු දෙනාම වන අතර අපි ඔබ සෑම කෙනෙකුටම කෘතඥ වෙමු.

පරිත්‍යාග කිරීමට හැකියාව ඇති අය සඳහා, වරප්‍රසාද ඇමරිකන් ඩොලර් 10 කින් ආරම්භ වේ. සෑම එක්-වර කරන ඩොලර් 10යේ හෝ ඊට වැඩි සෑම පරිත්‍යාගයකටම ඊළඟ වර්ෂය සඳහා OTW හි සාමාජිකයෙකු වීමට පරිත්‍යාගශීලියා හිමිකම් ලබයි. OTW හි ක්‍රියාකාරකම් සහ උපාය මාර්ගික දිශානතිය අධීක්‍ෂණය කරනු ලබන OTW හි අධ්‍යක්ෂ මණ්ඩලය තොරා ගැනීම සඳහා වන වාර්ෂික මැතිවරණ වලදී OTW සාමාජිකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ඇත. මීළඟ මැතිවරණය පැවැත්වෙන්නේ මේ වසරේ අගෝස්තු මාසයේදීය. අපගේ මැතිවරණ වෙබ් අඩවියෙන් ඔබට මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ වැඩිදුර විස්තර සොයා ගත හැක.

OTW සාමාජිකයින්ට සුවිශේෂී සමාජ මාධ්‍ය නිරූපකයක් ද ලැබේ, එය ඔවුන් තෝරා ගන්නා වෙබ් අඩවි හරහා භාවිතා කළ හැකිය; එමෙන්ම වසර තුන, පහ සහ දහය අඛණ්ඩ සාමාජිකත්වය සනිටුහන් කරන දිගු කාලීන පරිත්‍යාගශීලීන්ට සුවිශේෂී ස්තුති දීමනා පිරිනැමීමට අපට හැකි වේ. මෙම සුවිශේෂී ස්තුති දීමනා පිළිබඳ වැඩිදුර දැන ගැනීමට අප විසින් පළ කර ඇති දැන්වීම පරීක්ෂා කරන්න.

සෑම විටම වගේ, විශේෂිත ප්‍රමාණවලින් OTW වෙත පරිත්‍යාග කරන පරිත්‍යාගශීලින්ට ලබා දීමට විවිධාකාර ස්තුති දීමනා ද ඇත. මෙම ධාවකයේදී, නව තෑගි දෙකක් ලබා දීමට අපි සතුටු වෙමු: නව ස්ටිකර් කට්ටලයක්, ඔබට US$40 හෝ ඊට වැඩි පරිත්‍යාගයක් සමඟින් තෝරා ගත හැකි අතර, සුවිශේෂී ක්‍රීඩා කාඩ් පැකට්ටුවක් ද ඇත. සෑම කාඩ්පතක්ම අපගේම ලේඛනාගාරයේ – AO3 (අපේම ලේඛනාගාරය) ටැග්වල දැකිය හැකි ආකාරයේ පදයක් නිරූපණය කරයි. ඒවායින් කාඩ් ක්‍රීඩා කිරීමට මෙන්ම, මිතුරන් සමඟ හෝ ඔබ වෙනුවෙන්ම නිර්මාණාත්මක අභියෝග නිර්මාණය කිරීමට ද ඔබට ඒවා භාවිත කිරීමට හැකි වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ඔබ ඉදිරිපත් කරන දේ දැකීමට අපි බලා සිටිමු! කාඩ්පත් ඇසුරුම US$100 හෝ ඊට වැඩි පරිත්‍යාගශීලීන්ට ලබා ගත හැකිය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සහ අපගේ අනෙකුත් ස්තුති දීමනා අපගේ පරිත්‍යාග පිටුවෙන් ඇත.

නිරූපිත ක්‍රීඩා කාඩ්පත්, සෑම එකක්ම රසික සංකල්පයක් නියෝජනය කරයි:" හැමෝම ජීවත් වෙති, කිසිවෙක් මිය නොයති" යනුවෙන් ගසක අතු මත ලියා ඇත, "සතුරන් පෙම්වතුන් වෙත" යන්න කඩු වලින් සරසා ඇත, " මූලික වැඩ සිදුවෙමින් පවතී" යනුවෙන් ආලෝකමත් කර ඇති අතර, අවසාන කාඩ්පත වන "Slow Burn", දැල්වූ දැල්ලක් මත අවසන් වේ. පෙරළන ලද කාඩ්පතක් AO3 ලාංඡනය ඇතුළුව පසුපස නිදර්ශනය පෙන්වයි.

එම මුදල ඔබට කළ නොහැකි නම්, කරදර නොවන්න. නියමිත මුදල සපුරාලීමට ඔබට කුඩා, පුනරාවර්තන පරිත්‍යාග භාවිතා කළ හැක. ඔබට කළ හැකි ඕනෑම සංඛ්‍යාතයක සහ මිල ලක්ෂ්‍යයක පරිත්‍යාගයක් පිහිටුවීමට අපගේ පුනරාවර්තන පරිත්‍යාග පිටුව වෙත පිවිසෙන්න. ඔබේ පරිත්‍යාග කුවිතාන්සියේ ඔබ කැමති ස්තුති තෑග්ගක් සඳහා ලියාපදිංචි වන ආකාරය පිළිබඳ උපදෙස් ඔබට ලැබෙනු ඇත. තෑග්ග පසෙකින් තබනු ලබන අතර, ඔබේ පරිත්‍යාග නියමිත මට්ටමට ළඟා වූ පසු, ඔබ වෙත එවනු ලැබේ.

ඔබ එක්සත් ජනපදයේ සිටින්නේ නම්, OTW ලියාපදිංචි ලාභ නොලබන ආයතනයක් නම්, සේවා යෝජකයාගේ ගැළපෙන යෝජනා ක්‍රමයක් සමඟ ඔබට අමතර වියදමකින් තොරව ඔබේ පරිත්‍යාගය ගුණ කිරීමට ඔබට හැකි වනු ඇත! මෙය ඔබගේ සේවා ස්ථානයෙන් පිරිනමන දෙයක් දැයි සොයා බැලීමට ඔබේ මානව සම්පත් දෙපාර්තමේන්තුවට කතා කරන්න.

ඔබට අපගේ අයවැය සටහන වෙත පිවිසීමෙන් OTW වෙත පෙර පරිත්‍යාග වියදම් කර ඇති ආකාරය ගැන වැඩිදුර දැන ගත හැක. නැවත වරක්, ඔබට දීමට හැකි නම්, කරුණාකර අපගේ ස්තුතිය පිළිගන්න සහ අපගේ පරිත්‍යාග පිටුවට පිවිසීමට මෙහි ක්ලික් කරන්න.


OTW යනු AO3, Fanlore, Open Doors, TWC, සහ OTW නීති උපදේශනය ඇතුළු විවිධ ව්‍යාපෘතිවල ලාභ නොලබන මව් සංවිධානයයි. අපි රසිකයින් විසින් මෙහෙයවනු ලබන, මුළුමනින්ම පරිත්‍යාගශීලීන්ගේ සහාය ලබන, ස්වේච්ඡා සේවකයින් විසින් පරිපාලනය වන සංවිධානයකි. අප ගැන වැඩි විස්තරa href=”http://www.transformativeworks.org/about_otw/”> OTW වෙබ් අඩවිය මඟින් දැනගන්න. අපගේ ස්වේච්ඡා පරිවර්තක කණ්ඩායම ගැන වැඩිදුර දැන ගැනීමට පරීක්ෂා කරන්න පරිවර්තන පිටුව.

Event, Uncategorized @si

Comments are closed.