
මෙම මාසයේ OTW(පරිණාමීය කටයුතු සඳහා සංවිධානයට) වසර 15 ක් සපිරේ!
සැමරුම්වල කොටසක් ලෙස, අපගේ නිර්මාතෘවරයෙකු වන ෆ්‍රැන්සෙස්කා කොප්පා සමඟ විශේෂ පළ කිරීමක් ප්‍රකාශයට පත් කරන්නෙමු. මෙම සටහනෙන්, ඔබට OTW හි මුල් දින පිළිබඳ ෆ්‍රැන්සෙස්කාගේ මතකයන් සහ එතැන් සිට සංවිධානය මුහුණ දී ඇති අභියෝග පිළිබඳව කියවිය හැක. අපි සුළු තරඟයක් (ඉංග්‍රීසියෙන් පමණක් පැවැත්වේ) සහ fanworks අභියෝගයක් ද පවත්වමු.ඔබ වැඩි විස්තර දැන ගැනීමට කැමති නම්, කරුණාකර OTW හි සංවත්සර සටහනේ ඉංග්‍රීසි අනුවාදය වෙබ් අඩවියට පිවිසෙන්න.
සෑම මසකම OTW සංවිධානය තුළ ඔවුන්ගේ අත්දැකීම් පිළිබඳව එහි ස්වේච්ඡා සේවකයෙකු සමඟ ප්‍රශ්න විචාරයක් සිදු කෙරේ. මෙම පළ කිරීම් මඟින් එක් එක් ස්වේච්ඡා සේවකයාගේ පෞද්ගලික් අදහස් ප්‍රකාශ කෙරෙන අතර එමඟින් OTW හි අදහස් හෝ ප්‍රතිපත්ති පිළිඹිබු කීරීමක් සිදු නොවෙයි.
ඔබ ස්වේච්ඡා සේවකයෙකු ලෙස කර ඇති සේවය OTW කරන කටයුතු සමඟ ගැලපෙන්නේ කෙසේද?
2007 දී අපගේ සංවිධානය ආරම්භ කළ දා සිට මට OTW හි විවිධ භූමිකාවන් තිබුණා. අපි සංවිධානයක් වීමට පෙර, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට කැමති බව ප්‍රකාශ කළ බොහෝ රසිකයින් එකට සංවිධානය කිරීම තමයි මට භාරව තිබුණෙ. ඉන්පසු මම අධ්‍යක්ෂ මණ්ඩලයේ වසර 5ක් හිටියා, මම සන්නිවේදන කටයුතු කළා, Open doors (විවෘත දොරවල්) සැකසීමට උදව් කළ අතර රසික වීඩියෝ සහ බහුමාධ්‍යවල වැඩ කළා.
අපි තවමත් Archive of Our Own – AO3 (AO3 අපගේම ලේඛනාගාරයේ) හි පරිශීලක අත්දැකීම සැලසුම් කරමින් සිටියදී, ලේඛනාගාරයේ සැලැස්ම නිරීක්ෂණය කිරීමට මම කෙටුම්පත් සකස් කළා; එය විනෝදජනක වූ අතර එය මගේ සාමාන්‍ය ප්‍රවීණත්වයෙන් ඔබ්බට ගිය දෙයකි. වර්තමානයේ මම වැඩිපුර වැඩ කරන්නේ ශාස්ත්‍රීය-නීත්‍යානුකූල අංශයේ; මම තර්ක ගොඬනගනවා (උදා. මම Dr. Seuss/Star Trek නඩුවේ වැඩ කළා) සහ OTW නීති අංශයට අවශ්‍ය වූ විට මම සාක්ෂි සපයා දෙනවා, එවගේම මම පරිවර්තන කෘතීන් සහ සංස්කෘතීන් – TWC, බාලදක්ෂ කටයුතු, පත්‍රිකා සහ සමාලෝචන කටයුතුවලත් නිරත වෙනවා. අවශ්‍ය වූ විටක සන්නිවේදන අංශයටත් සහය වෙනවා, මම තවමත් සම්මුඛ සාකච්ඡා පවත්වන අතර මාධ්‍යවේදීන්ට රසිකත්වය යන්නෙහි පසුබිම පිළිබඳව හොඳ අවබෝධයක් ලබා දෙනවා. (දැන් බොහෝ මාධ්‍යවේදීන් රසිකයන් වුණත්, මෙය බොහෝ සෙයින් උපකාරී වෙනවා!)
දැන් ස්වේච්ඡා සේවකයෙකු ලෙස ඔබ සාමාන්‍යයෙන් සතියක් ගත කරන්නේ කෙසේද?
මම කරන වැඩ සතිපතා ලෙස කාණ්ඩ කරනවාට වඩා එවා බොහෝ දුරට කාලීනයි. TWC විසින් වසරකට සම-සමාලෝචනය කරන ලද නිකුතු දෙකක් (සහ සමහර විට තුනක්!) නිකුත් කරන අතර එය ඇදහිය නොහැකි තරම් ය; මම නිතරම පෙන්වා දෙන පරිදි, වැටුප් ලබන කාර්ය මණ්ඩලයක් සහිත වුවත් එවැනි වාර්තාවක් නොමැති විශ්ව විද්‍යාලය ආධාර ලබන සඟරා තිබෙනවා! බොහෝ සඟරා පවතින්නේ වසර කිහිපයක් පමණක් වන අතර පසුව නැති වී යනවා. නමුත් අපි තව තවත් ශක්තිමත් වෙමින් සිටිමු. අධ්‍යයන-නීත්‍යානුකූල අංශය නියමිත දින පිළිබඳව අවධානය යොමු කර ඇත; වේගයෙන් දේවල් සිදු වන අතර ඒවාට වේගවත් ප්‍රතිචාර අවශ්‍ය වෙනවා. (අපට බලපාන නීතිමය ගැටළු සම්බන්ධයෙන් අපට හඬක් ඇති බව සහතික කරන, අඛණ්ඩව පවත්වාගෙන යන OTW නීති)
ඔබ OTW හි ආරම්භය දෙස ආපසු හැරී බලන විට, OTW දැන් තිබෙන ස්ථානය ගැන ඔබ පුදුමයට පත් වන්නේ කුමක් නිසාද?
OTW යනු ව්‍යාපාරයක් නොව රසික ව්‍යාපෘතියක් බව නොතේරෙන අපට ආදරය කරන අය පවා සිටිනවා! එය ගොඩනඟා ගනු ලැබුවේ වෙළඳපොල බලවේගවලට හසුවීමට තරම් ප්‍රමාණවත් රසිකයින් පිරිසක් විසිනි! බොහෝ රසිකයින්ට දැන් අවංකවම පූර්ව ධනේශ්වර අන්තර්ජාලය මතක නැතැයි මම අනුමාන කරමි; ඔවුන් උපකල්පනය කරන්නේ වෙබ් අඩවියේ ඇති ඕනෑම දෙයක් ව්‍යාපාරයක් බවයි. තවද OTW හි ලාභ නොලබන ආකෘතිය සමහරුන්ට ව්‍යාකූල විය හැක – මක්නිසාද යත් අපගේ ෆැන්ඩම් එක එය පවත්වා ගැනීමට වියදම් කළද සෑම කෙනෙකුම වියදම් නොකරන නිසා.
ගෙවිය හැකි අය විසින් නොහැකි අයට සහය වන පරිදි OTW විසින් අරමුදල් රැස් කරයි. අපගේ අරමුදල් රැස්කිරීමේ ක්‍රම වන්නේ එ.ජ. පොදු රූපවාහිනිය හෝ ගුවන්විදුලියයි. ඔවුන්ට දැරිය හැකිද යන්න නොසලකා, සෑම කෙනෙකුටම අපගේ ව්‍යාපෘති භාවිතා කළ හැක. නමුත් මම හිතන්නේ මේ තරම් විශාල හා සාර්ථක දෙයක් (මම අදහස් කළේ OTW, AO3 පමණක් නොව TWC සහ OTW නීත්‍යානුකූල, මිත්‍ර කෙටි ලිපි ලිවීම සහ රජය විසින් වැදගත් ආයතනයක් ලෙස පිළිගැනීම යනාදියයි.) අපි සේවාදායකයන් සඳහා ගෙවීම් කරන්නෙමු (සහ ඇත්ත වශයෙන්ම අයිති), නමුත් සියලු ශ්‍රමය පරිත්‍යාග කරනු ලබන්නේ පුවරුවේ සිට පහළට ය. අවංකව කිවහොත්, ශ්‍රමය යනු මිල කළ නොහැකි දෙයකි. ආර්ථික වශයෙන් පමණක් නොව (ආර්ථික වශයෙන් වුවද!) OTW යනු බොහෝ අය ඇති වීමට ප්‍රාර්ථනා කළ සහ එය සිදු කිරීමට ක්‍රියා කළ දෙයකි; එය අප විසින්ම ගොඩනඟා ගත් බෝට්ටුවක් වන අතර එය ක්‍රියාත්මක වන්නේ එය ක්‍රියාත්මක වීමට නව පුද්ගලයින් අඛණ්ඩව ඉදිරියට ගොස් වැඩ කරන බැවිනි.
OTW හි ඔබේම ජයග්‍රහණ ගැන ඔබට ආඩම්බරයක් දැනෙන්නේ කුමක් නිසාද?
මම OTW පිහිටුවීමට සම්බන්ධ වූ බව දැනගත් විට මගේ සිසුන්ගේ මුහුණුවල පෙනුම. එකපාරටම මම රොක්ස්ටාර් කෙනෙක්! ඔවුන් සියල්ලන්ටම AO3 ගිණුම් ඇත. රසිකත්වයට මගේ සම්බන්ධය ගැන මිනිසුන් සොයා ගැනීම ගැන මා කනස්සල්ලට පත් වූ අතීතයක් මට මතකයි, දැන් මගේ විද්‍යාලය එය විශේෂාංගයක් ලෙස ප්‍රවර්ධනය කරයි: AO3 හි හියුගෝ සම්මානයක් දිනා ගත්තේය!
OTW හි සංවර්ධනය සම්බන්ධයෙන් වඩාත්ම අභියෝගාත්මක වූ දෙය (හෝ දේවල් සමූහය) කුමක්ද?
ඔහ්! අභියෝග තිබුණා වගේම අදත් තියෙනවා. ඔබේ ශ්‍රමය පරිත්‍යාග කළ විට, මිනිසුන් කිරීමට කැමති, කිරීමට අවශ්‍ය, හෝ කිරීමට හොඳ දේ අතර සෑම විටම ආතතියක් ඇති වේ. සහ පුදුමයට කරුණක් නොවේ, බොහෝ මිනිසුන් තම එදිනෙදා රැකියාවේදී භාවිතා කරන එකම ආකාරයේ කුසලතා භාවිතා කරමින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට අකමැති වීම; ඔවුන්ට රැකියාවෙන් විවේකයක් අවශ්‍යයි! නමුත් පැරණි කියමනක් තිබේ උයන්පල්ලා විනෝදය සඳහා පියානෝව වාදනය කරනවා වගේ. මම හැම විටම සිතුවේ රසිකත්වය බොහෝ දුරට ඒ හා සමාන බවයි, ඒ වගේම OTW ද ඊට අයිතියි.
OTW කණ්ඩායම කරන දෙයින් මම අවංකවම පෙලඹෙනවා, බොහෝ අය මෙව් සඳහා සහය දෙන්වා. මම හිතන්නේ OTW හි ඇති දක්ෂතාවය සහ ප්‍රතිචාර දැක්වීම ඇත්ත වශයෙන්ම කිසිවෙකුට මුදල් නොගෙවන සංවිධානයක් සඳහා පුදුම සහගතය. රසිකයෝ ද එය දනිමු-අප මගේ මතය අනුව බොහෝ ලාභ නොලබන වෙබ් අඩවි වලට වඩා හොඳ දෙයක් කරන අතර, අපි බොහෝ ලාභ නොලබන වෙබ් අඩවි වලට වඩා වෘත්තීයමය ස්වභාවයකින් යුතු වේ. (අපි සර්ව සම්පූර්ණයි කියලා නෙවෙයි, නමුත් මැසිවිලි නඟන අය කවදාවත් එය වඩා හොඳින් කරන්නේ කවුද කියලා පෙන්නන්නේ නැහැ, මොකද කවුරුවත් නැහැ: සමහර ගැටලු අමාරු ගැටලු විතරයි.)
එනම්, දැන් අපි ඉතා විශාල බැවින්, මම අනාගතය ගැන සිතන විට, මගේ මතය අනුව, අපට ඊළඟ මට්ටම ඉහළ යනු අප එකතු කරන මුදලට වඩා “කුඩා” වැඩි මුදලක් නොවේ, එය විශාලත්වය වැඩි මුදලක්, වෙනත් මුදල් පරිමාණයක්. එය ටිකක් වගේ (මෙය කියවන ඔබගෙන් සමහරෙකු මා අදහස් කරන්නේ කුමක්දැයි දැන ගනු ඇත) යමෙකු ඔබේ උපන්දිනයට ඔබට අවශ්‍ය කුමක්දැයි ඔබෙන් විමසූ විට, ඔබ “කිසිවක් නැත” වැනි නමුත් ඔබ සැබවින්ම අදහස් කරන්නේ “ඔබට මට දිය හැකි කිසිවක් නැත” යන්නයි. මගේ උපන්දිනය – මට යහනක් අවශ්‍යයි. මට නිවස නැවත තීන්ත ආලේප කළ යුතුයි. මට මෝටර් රථය සඳහා අලුත් සම්ප්‍රේෂණයක් අවශ්‍යයි.”
ඒ වගේම අපි ඒ වගේ මුදල් එකතු කළත්, හොඳයි – මහා සින්ඩි ලෝපර් ඥානවන්තව සඳහන් කළ පරිදි, “මුදල් සියල්ල වෙනස් කරයි.” අපට දේවල් කිරීමට ඇණවුම් කළ හැකි වැටුප් ලබන සේවකයින් විශාල සංඛ්‍යාවක් සිටින OTW එකක් තිබේ නම්, එය එකම ආකාරයේ සංවිධානයක් නොවනු ඇත. ඉතින්, මම දන්නේ නැහැ, නමුත් අපි මේ වන විට ඕනෑම සාධාරණ මිතිකයකින් (ඇය දැඩි ආඩම්බරයෙන් කියනවා) ඇත්තටම හොඳින් කර ඇති අතර අපි දිගටම හොඳින් කටයුතු නොකිරීමට හේතුවක් නැත. Fandom නැවත පරිකල්පනය කරයි, නැවත උත්පාදනය කරයි, සහ නව නිපැයුම් කරයි; ඒක තමයි අපි කරන්නේ!
ඔබ කිරීමට කැමති මනරම් දේවල් මොනවාද?
රසිකත්වය යනු අවංකවම මා කරන අඩු දේවල් සහ මම ජීවත් වන ස්ථානයට වැඩි කැමැත්තක් දක්වයි. මම මෙහි පදිංචි වී දැන් අවුරුදු හතළිහක් පමණ මෙහි ජීවත් වෙමි? එය මගේ නගරයයි! රසිකයින් මගේ අසල්වැසියන් වන අතර, මම ඔවුන්ගෙන් සමහරක් දශක ගණනාවක් තිස්සේ හඳුනමි, සමහර විට නව පුද්ගලයින් ඇතුළු වන අතර අනෙක් අය පිටතට යති. ඉතින්, මම අදහස් කළේ-ඔව්, විශ්වාසයි, මම තවමත් කියවන සහ ලිවීම සහ බීටා ෆික්, සහ මට උනන්දුවක් දක්වන රසිකයින්ගේ වීඩියෝ මම නරඹමි, නමුත් මට ද රසික පුරවැසියෙකු ලෙස හැඟේ, මගේ ඉදිරිපස ආලින්දයේ වාඩි වී, සිදුවන්නේ කුමක්ද යන්න නැරඹීමෙන් තොරව එය මා විසින්ම කිරීමට. මම උනන්දුවක් දක්වමි, මම කියන්නේ එයයි; මට විශාල රසිකයින් මොනවාදැයි දැන ගැනීමට අවශ්‍යයි, මට විහිළු ලබා ගැනීමට, භාෂාව කතා කිරීමට අවශ්‍යයි: මට එම සංදර්ශන ගැන රසිකයෙක් නොවූවත් සියලුම බ්ලොර්බෝස් හඳුනා ගැනීමට අවශ්‍යයි.
මම හිතන්නේ මම TikTok හි රේඛාව අඳිනවා. (සුසුම්ලන්න…නමුත් මම එය කලින් පවසා ඇත, එබැවින්, ඔබ දන්නවා: කිසිදාක නොකියන්න.)
දැන් අපේ ස්වේච්ඡා සේවකයා ඔවුන් කරන දේ ගැන කරුණු පහක් පවසා ඇති නිසා, තවත් දෙයක් ඇසීමට ඔබේ වාරයයි! අදහස් දැක්වීමේදී ඔවුන්ගේ වැඩ ගැන විමසීමට නිදහස් වන්න. නැතහොත් ඔබට අවශ්‍ය නම්, පසුගිය කරුණු පහක් පළ කිරීම් පරීක්ෂා කළ හැක.
OTW යනු AO3, Fanlore, Open Doors, TWC, සහ OTW නීති උපදේශනය ඇතුළු විවිධ ව්‍යාපෘතිවල ලාභ නොලබන මව් සංවිධානයයි. අපි රසිකයින් විසින් මෙහෙයවනු ලබන, මුළුමනින්ම පරිත්‍යාගශීලීන්ගේ සහාය ලබන, ස්වේච්ඡා සේවකයින් විසින් පරිපාලනය වන සංවිධානයකි. අප ගැන වැඩි විස්තර OTW වෙබ් අඩවිය මඟින් දැනගන්න. අපගේ ස්වේච්ඡා පරිවර්තක කණ්ඩායම ගැන වැඩිදුර දැන ගැනීමට පරීක්ෂා කරන්න පරිවර්තන පිටුව.