දිගුකාලීන සාමාජිකයින් සඳහා නව OTW තෑගි ප්‍රදානය කිරීම

පසුගිය ඔක්තෝම්බර් මස සාමාජිකත්වය අතරතුරදි, අපි දැනුම් දුන්නෙමු අප OTW (පරිණාමීය කටයුතු සඳහා සංවිධානය)හි වඩාත් පක්ෂපාතී ආධාරකරුවන් සැමරීම සඳහා නව මාර්ගයක වැඩ කරමින් සිටින. අඛණ්ඩව වසර තුන, පහ සහ දහය සාමාජිකත්වය සැමරීම සඳහා අප විසින් නිර්මාණය කර ඇති නව සුවිශේෂී තෑගි ඔබ සමඟ බෙදා ගැනීමට අපි ඉතා සතුටු වෙමු!

2020 අවසන් වන විට අවම වශයෙන් පසුගිය වසර 3 ක පමණ කාලයක් සාමාජිකත්වය ලබා ඇති සෑම කෙනෙක්ම, මෙම අවස්ථාව සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති නවතම OTW පිටු සලකුණක් ලබා ගැනීමට සුදුසුකම් ලබයි:

පිටු සලකුණ "වසර 3ක සාමාජික" මාතෘකාව සහ OTW ලාංඡනය සමඟ.
(විශාල කිරීමට, රූපය තෝරන්න)

අපගේ පස් අවුරුදු සාමාජිකයන් සඳහා, අපි වතුර බෝතල්වල සිට ලැප්ටොප් පරිගණක දක්වා, විවිධ මතුපිට මත භාවිතා කළ හැකි සුන්දර ස්ටිකරයක් සකස් කර ඇත්තෙමු. ඔබ වසර පහක සාමාජිකයෙකු නම්, ඔබ ස්ටිකරය සහ පිටු සලකුණ යන දෙකම ලැබීමට සුදුසුකම් ලබා ඇත!

ස්ටිකරය "පරිණාමීය කටයුතු සඳහා සංවිධානයේ වසර 5 ක සාමාජිකත්වය"යන මාතෘකාවෙන් සහ OTW ලාංඡනය එහි මධ්‍යයේ.
(විශාල කිරීමට, රූපය තෝරන්න)

අවසාන වශයෙන්, වසර දහයක සාමාජිකත්වය සනිටුහන් කිරීමට, ඔබේ ශීතකරණයේ හෝ ඕනෑම ලෝහ කැබිනට්ටුවක් මත භාවිතා කිරීමට, අප චුම්බකයක් නිර්මාණය ඇත. මෙතරම් කාලයක් සාමාජිකත්වය ලබා ඇති ඕනෑම කෙනෙකුට එකවර නව තෑගි තුනම ලැබිය හැකිය!

චුම්බකය "පරිණාමීය කටයුතු සඳහා සංවිධානයේ වසර 10 ක සාමාජිකත්වය" යන මාතෘකාවෙන් OTW ලාංඡනය සමඟ .
(විශාල කිරීමට, රූපය තෝරන්න)

2020 අවසානයේ සුදුසුකම් ලැබූ සැමට අපි මෙම තෑගි, ලබන වසරේ ආරම්භයේදී නැව්ගත කිරීම ආරම්භ කරන්නෙමු. ඉන්පසු වසරකට වරක් තෑගි ප්‍රදානය කෙරේ. ඔබගේ තෑගි ලබා ගැනීමට, ඔබ කළ යුත්තේ ඔබගේ ලිපිනය තහවුරු කිරීම පමණි!. ඔබ ත්‍යාගයක් සඳහා සුදුසුකම් ලබන සෑම විටම, ඔබගේ තැපැල් තොරතුරු තහවුරු කරන ලෙස ඉල්ලා අපි ඔබට විද්‍යුත් තැපෑලක් එවන්නෙමු. එබැවින් කරුණාකර ඔබගේ එන ලිපි ගැන විමසිල්ලෙන් සිටින්න!. (ඔබ OTW වෙතින් ඊමේල් ලැබීමෙන් ඉවත් වී ඇත්නම්,ඔබට මෙම විද්‍යුත් තැපෑල සහ ත්‍යාගය නොලැබෙනු ඇත. ඔබට යම් ගැටළුවක් තිබේ නම්, කරුණාකර සංවර්ධනය හා සාමාජිකත්ව අංශය අමතන්න.)

OTW හි වැඩ කටයුතු සිදු කරනු ලබන්නේ ඔබගේ පරිත්‍යාගයන් මගිනි. ඔබ එක් වරක් පරිත්‍යාග කළත්, ආරම්භයේ සිටම අපට සහයෝගය දැක්වූවත්, අපගේ සියලුම සාමාජිකයන් අපි බෙහෙවින් අගය කරමු. ඔබ සාමාජිකයෙකු වීමට කැමති නම්, ඔබ කළ යුත්තේ, ඇමරිකානු ඩොලර් 10 ක් හෝ ඊට වැඩි පරිත්‍යාග පරිත්‍යාගයක් කරන විට, පරිත්‍යාගයක් කරන්න පෝරමයෙහි ඇති “Do you want to be an OTW member? ($10 minimum donation)” (“ඔබට OTW සාමාජිකයෙකු වීමට අවශ්‍යද? (ඩොලර් 10 අවම පරිත්‍යාගයක්)”) යන ප්‍රශ්නයට “Yes” (“ඔව්”) යන්න පිළිතුරු වශයෙන් තෝරා ගැනීම පමණි. සැමරුම් තෑගි වලට අමතරව අපගේ අගය පෙන්වීමට, OTW සාමාජිකත්වය, ඔබව OTW අධ්‍යක්ෂ මණ්ඩල මැතිවරණයන්හි ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයෙකු බවට පත් කරයි! ඔබ කොපමණ කාලයක් සාමාජිකයෙකු වී ඇත්දැයි ඔබට විශ්වාස නැත්නම් හෝ වෙනත් ප්‍රශ්න තිබේ, කරුණාකර සංවර්ධනය හා සාමාජිකත්ව අංශය අමතන්න.


OTW යනු AO3, Fanlore, Open Doors, TWC, සහ OTW නීති උපදේශනය ඇතුළු විවිධ ව්‍යාපෘතිවල ලාභ නොලබන මව් සංවිධානයයි. අපි රසිකයින් විසින් මෙහෙයවනු ලබන, මුළුමනින්ම පරිත්‍යාගශීලීන්ගේ සහාය ලබන, ස්වේච්ඡා සේවකයින් විසින් පරිපාලනය වන සංවිධානයකි. අප ගැන වැඩි විස්තර OTW වෙබ් අඩවිය මඟින් දැනගන්න. අපගේ ස්වේච්ඡා පරිවර්තක කණ්ඩායම ගැන වැඩිදුර දැන ගැනීමට,පරිවර්තන පිටුව පරීක්ෂා කරන්න.

Announcement, Uncategorized @si

Comments are closed.